නාඳුනන පුද්ගල මළ සිරුරු තුනක් දිවයිනේ ස්ථාන දෙකක තිබී පොලිසිය විසින් අද ( 02) උදේ සොයාගෙන ඇත.
කිලිනොච්චිය A-35 මාර්ගයේ පුලියම් පොක්කනේ ප්රදේශයේ පාලමක් අසල ජලයේ පාවෙමින් තිබූ සිරුරු දෙකක් සහ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය අසල ජලයේ පාවෙමින් තිබූ තවත් සිරුරක් මෙලෙස හමුවී තිබේ.
මෙම මළ සිරුර තුනම පිරිමි පුද්ගලයන්ගේ බවත් ඔවුන් ඝාතනය කර එම ස්ථානවලට ගෙනත් දැමුවේද එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසා ඔවුන් මියගියේ ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවත් පොලිසිය පවසයි.