Clean Sri Lanka සමාරම්භක වැඩසටහනේදී කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරැණාරත්න විසින් වැරදි ආකාරයට ජාතික කොඩිය ඔසවා ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.
Clean Sri Lanka වැනි වැඩසටහනක් ආරම්භ කරමින් සිදුකළ එම කටයුත්තේදී වඩාත් විමසිල්ලෙන් ක්‍රියාකළ යුතු බවද මන්ත්‍රිවරයා පැවසීය.
දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරියේදී මැතිවරණ 2ක් පැවැත්වීමට නියමිත බවත් එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු පෙරමුණ ලෙස පුටුව ලකුණින් තරග කරන බවයි.
එහිදී එම මැතිවරණ වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂාවෙන් පසුවෙන තරුණ ප්‍රජාව සිය අපේක්ෂාව ඉටුවීම සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත යුතු බවද ඔහු සඳහන් කළේය .