Home අද හිටපු ජනාධිපති සහ අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට CID සැලසුම්

හිටපු ජනාධිපති සහ අගමැතිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට CID සැලසුම්

78
0

ඖෂධ වර්ග 182ක් මෙරටට ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ ප්‍රශ්න ගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇති බව පෙන්වමින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙම ඖෂධ ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් 2022 සැප්තැම්බර් 26 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.

ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම කැබිනට් පත්‍රිකාවෙන් රටට අවශ්‍ය ඖෂධ මොනවාද යන්න පිළිබඳවත් සඳහන් කර නොමැති අතර එවැනි කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා දුන්නේ කෙසේද යන්න ප්‍රශ්න සහගත බැවින් ඒ පිළිබඳව පසුගිය කාලය තුළදී කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පදිංචිව සිටින ස්ථාන වෙත ගොස් ප්‍රකාශ ලබා ගැනීමට සැලසුම් සැලසුම්කර තිබෙන බවත් ඒ සඳහා හෙට ( 03) දිනයේ ඔවුන්ගෙන් වෙලාවක් ලබා ගැනීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Previous articleභාණ්ඩාගාරය හිස් කියාගෙන රන්වල කරළියට : උපාධි සහතික ප්‍රශ්නයත් යළි මතුවෙයි !
Next articleආචාර්ය නන්දලාල් 2024 ” වසරේ ශ්‍රී ලාංකිකයා” වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here