ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාර මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමු කරන ලෙස අධිකරණය අද (01) නියෝග කළේය.
අදාළ නඩු කටයුත්ත කැඳවූ අවස්ථාවේ මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය මෙම නියෝගය නිකුත්කළ අතර මෙම සැකකරුව බන්ධනාගාරය මඟින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ ද නැත.
එහෙත් සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපක් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
එය සලකා බැලු අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මානසික ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කරන ලෙස නියෝග කළාය.