Home අද සජබෙන් වෙන්ව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නව පිම්මකට සැරසෙයි

සජබෙන් වෙන්ව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නව පිම්මකට සැරසෙයි

2
0

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරන පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් සහ රාධා ක්‍රිෂ්ණන් යන තිදෙනාගේ නායකත්වයෙන් යුත් පක්ෂ මෙවර පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කිරීමට තීරණය කර ඇත.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය මේ වන විට සමගි ජන බලවේගය සමඟ සන්ධානගතව සිටින අතර එළඹෙන මැතිවරණයේදී ඔවුන් එම සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමෙන් වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබාගත හැකි බව එම පක්ෂවල විශ්වාසය වී තිබේ.

වතුකරය නියෝජනය කරන මෙම දේශපාලන පක්ෂ පසුගිය ජනාධිපතිවරණයේ හා මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමඟ එක්ව තරග කරනු ලැබීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් එම පක්ෂ වතුකරයේ නාම ලේඛන සැකසීමේ කටයුතු වල නිරතවඇත.

Previous articleව්‍යාපාර ජනසතු කරන යෝජනාවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here