Home අද දැඩි කලකිරීම නිසා පක්ෂයට මෙන්ම දේශපාලනයට ද සමුදෙනවා ! – හිටපු පා.ම...

දැඩි කලකිරීම නිසා පක්ෂයට මෙන්ම දේශපාලනයට ද සමුදෙනවා ! – හිටපු පා.ම එල්ලාවල.

42
0

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් තුළ පවතින දැඩි කලකිරීම නිසා තමන් එම පක්ෂයෙන් මෙන්ම දේශපාලනයෙන්ද ඉවත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පානදුර සමගි ජන බල වේගයේ සංවිධායක ලලිත් එල්ලාවල මහතා පැවසීය.

පානදුරේදී අද (27) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළ එල්ලාවල මහතා, සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියා කලාපය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බවත්, ඒ ගැන තමන්ට ඇත්තේ දැඩි කලකිරීමක් බවත් අවධාරණය කළේය.

පක්ෂයේ නම සමගිය උනාට ඇතුලේ කිසිම සමගියක් නැති බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන අසමගියට පක්ෂ නායකත්වය වගකිවයුතු බවද පැවසීය.

තමන් 1989 වසරේදී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තු , පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දිගු කාලයක් කටයුතු කළ ද , අද පවතින දේශපාලනය ගැන තමන්ට ඇත්තේ දැඩි කලකිරීමක් නිසා දේශපාලනයට සමු දීමට තීරණය කළ බව ලලිත් එල්ලාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous article2023 වෘත්තිය සමීති ගත් පාස්වලින් ලංගමට-දුම්රියට කෝටි හතක (7) පාඩුවක්!
Next articleවැඩබලන ජනපතිටත් දෝෂාභියෝගයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here