මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වෙනුවෙන් යොදා තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබෙන බව වාර්තා වෙයි.
පසුගිය සමයේ ඒ මහතාට එල්ලවූ ජීවිත තර්ජන එල්ලවීම සැලකිල්ලට ගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගේ ආරක්ෂාව ලබාදී තිබූ අතර නව තීරණය සමඟ ඔවුන් යළි කැඳවා තිබේ.
පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඊට පෙරත්, පසුවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සැළකෙන්නේ වත්මන් ආණ්ඩුවේ නිර්දය විවේචකයකු ලෙසය.
ඒ බව දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම නව තීන්දුව සමඟ ඔහුට නිදහස් මාධ්‍යකරණයක යෙදීම වෙනුවට සිය ආරක්ෂාව පිළිබඳව දෙවරක් සිතා මාධ්‍යකරණයේ යෙදීමට බලකෙරී ඇති බවක් පෙන්නුම් කෙරෙන බවයි.
පාතාල ක්‍රියා ද කිසිදු අඩුවක් නොමැතිව සිදුවෙමින් ඇති පසුබිමක වත්මන් ආණ්ඩුවේ මෙකී පිළිවෙත අනියමින් සිදුකළ මාධ්‍ය මර්දනයක් බවද විචාරක මතය වී තිබේ.
ඔහු ආරක්ෂාව ලබා ගැනිමට ඉදිරිපත් කල ලිපිය පහත දැක්වේ.