Home අද ඊ – වීසා සහ ඊ – පාස්පෝට් ගනුදෙනුවේදී අක්‍රමිකතා රැසක්

ඊ – වීසා සහ ඊ – පාස්පෝට් ගනුදෙනුවේදී අක්‍රමිකතා රැසක්

15
0

ඊ වීසා සහ ඊ පාස්පෝට් ගනුදෙනුවේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනයකදී හෙළි කරගෙන ඇත.

පසුගිය කාලය තුළ දැඩි ආන්දෝලනයකට ලක් වූ ඊ-වීසා සහ ඊ – පාස්පෝර්ට් ගනුදෙනුව සම්බන්ධව ජාතික විගණන කාර්යාලය පුළුල් විමර්ශනයක් සිදු කළ අතර එම විමර්ශන කටයුතු මේ වනවිට බොහෝ දුරට අවසන් කර ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

විගණනයේ දී අක්‍රමිතා රැසක් හෙළි කර ගැනීමට හැකි වුවත් ඒවා තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව පවසන එම නිලධාරියා ඒ සියලු තොරතුරු ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කීවේය.

ඊ- වීසා සහ ඊ – පාස්පෝර්ට් ගනුදෙනුව සම්බන්ධයෙන් ඊට අදාළ ආයතන වලින් වාර්තා කැඳවීම දැන් ආරම්භ කර ඇති බවත් ඉහත නිලධාරියා වැඩිදුරටත් අනාවරණය කළේය.

Previous articleඉතිහාසයේ නත්තලට අඩුම මිලට බිත්තර දුන්නේ අපේ ආණ්ඩුවෙන් – මාලිමා මන්ත‍්‍රීනී
Next articleහරිනිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here