Home අද NPP ආණ්ඩුවේ රාජ්‍ය සේවක දඩයම ගැන සොයන්න සජබයෙන් වෙනම ඒකකයක් !

NPP ආණ්ඩුවේ රාජ්‍ය සේවක දඩයම ගැන සොයන්න සජබයෙන් වෙනම ඒකකයක් !

15
0

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග රාජ්‍ය හා පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක සේවයේ නියුතු නිලධාරීන් විශාල පිරිසක් අසාධාරණ ලෙස ස්ථාන මාරු කිරීමට පියවර ගෙන ඇති බැවින් ඒ පිළිබඳව සොයාබලා ඔවුන්ට සාධාරණයක් ඉටු කර දීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

රාජ්‍ය සහ පළාත් මට්ටමින් ස්ථාන මාරු කරමින් ආණ්ඩුව දියත් කර තිබෙන රාජ්‍ය සේවක දඩයම වහාම නතර කරන ලෙස සමගි ජන බලවේගය රජයෙන් ඉල්ලා සිටී.

පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් , සමූපාකාර සහකාර සංවර්ධන කොමසාරිස්වරුන් වැනි මාණ්ඩලික නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවකයින් රැසක් මෙලෙස අයුතු ලෙස ස්ථාන මාරු කර ඇති බව සමගිජන බලවේගය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කරන බවට පොරොන්දු දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මෙලෙස පිළිගත් ක්‍රමවේදයන්ට බැහැරව යමින් රාජ්‍ය සේවකයන් ස්ථාන මාරු කිරීමට කටයුතු කිරීම ගැටලු සහගත බව එම නිවේදනය
මගින් පෙන්වා දී ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ මෙන්ම මේ දිනවල පැවැත්වෙන සමූපාකාර සංගම් ඡන්ද විමසීම් හේතුවෙන් මේ වන විට ලංකා ඉතිහාසයේ කවර කාලයකවත් සිදු නොවූ ආකාරයෙන් රාජ්‍ය සේවය තුල දේශපාලනීකරණයක් සිදුවන බව සමගි ජන බලවේගය පවසයි

රාජ්‍ය සේවා ස්ථාන මාරු කිරීමේ දී සිදුව තිබෙන මෙම අසාධාරණ ක්‍රියා පිළිවෙත සම්බන්ධව සොයා බැලීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බවත් ඕනෑම අයෙකුට නාමිකව හෝ නිර්නාමිකව එම ඒකකයට තොරතුරු ලබා දිය හැකි බවද සමග ජන බලවේගය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

Previous articleචමුදිතගේ කට වැහෙයිද ? පොලිස් ආරක්ෂාව ඉවත් කරලා !
Next articleබීමත් රියදුරන්ගේ බලපත්‍රය අවුරුද්දක් අත්හිටුවීමට පොලීසියෙන් ඉල්ලීම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here