කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා අද 25 දිනය පුරාවට ආරක්ෂක නිලධාරීන් හතළිස් පන්දහසකට අධික පිරිසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය මෙන්ම ත්රිවිධ හමුදා නිලධාරීන්ද ආරක්ෂක කටයුතුවල යොදවා සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නත්තල වෙනුවෙන් කතෝලික දේවස්ථානවල සිදුකරන දේව මෙහෙයන්ට සහභාගි වීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන අතර ඔවුන් සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කර තිබෙන බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.