ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බවට සඳහන් කළද එය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.
ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පසුගියදා ප්‍රකාශ කළා.
කලක සිට මෙය ක්‍රියාත්මක කිරීමට සිටියද පසුගිය රජයන් එය කල් දමමින් සිටි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.