හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොදුජනා පෙරමුණ තීරණය කර ඇත.
ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඉවත් කිරීම පිළිගත හැකි නමුත් ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාම ඉවත් කළේ කුමන හේතුවක් නිසා දැයි ප්‍රශ්න සහගත බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) පැවතී මාධ්‍ය හමුවකදීකදී පැවසීය.
කොටි ත්‍රස්තවාදය පරාජය කර රටට යුධ ජයග්‍රහණය අත්කර දුන් මෙවැනි නායකකුගේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කළ යුතු වුවත් එය තවත් අඩු කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව ඒ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අදාළව කරුණු ගොනු කිරීම නීතිඥ කණ්ඩායමක් විසින් සිදුකරගෙන යන බවත් එම කටයුතු අවසන් වූ වහා නඩු පැවරීම සිදුකරන බවත් රවීන්ද්‍ර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.