ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන අභාවප්රාප්ත වී තිබේ.අභාවප්රාප්ත වනවිට ඒ මහතා 80 වියෙහි පසු විය .කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්රාප්ත වී ඇත.
දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.
ප්රියා සූරියසේන මහතා 1968 වසරේදී සංගීත ක්ෂේත්රයට පිවිසියේ බයිලා ගීත ගායනයෙනි.අනතුරුව 1972 වසරේදී සරල ගී ගායනයට පිවිසුණේ ය.
රටකින් එහා ඉගිලී , ඈත රන් විමන් , හෙට දවසේ අප දෙදෙනා, මල්සර හිනාව , ආපසු එනවා , බිඟු වැලපීලා , මුළු මුහුදම හඬයි ,සයුරින් මිදීලා , සුදු පරවි රෑන සේ ඇතුළු ජනප්රිය ගීත රැසක් හරහා ඒ මහතා රසික ආකර්ෂණය දිනාගත් කලාකරුවෙකි.