හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව අද (23) සිට ඉවත් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව ආරක්‍ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර සෙසු සියලු ආරක්ෂක නිලධාරීන් මෙලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව මාස හයකට වරක් සමාලෝචනයක් සිදුකිරීමට නියමිත අතර එම සමාලෝචනයට අනුව ඔවුන්ගේ ඉදිරි ආරක්ෂාව පිළිබඳව තීරණ වලට එළඹීමට නියමිතව ඇත.
පොලිසියට අමතරව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි .ගුවන් හමුදා.නාවික හමුදා.ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල වෙත වාර්තා කරන ලෙස ඔවුන්ට දැනුම් දී තිබේ.