Home අද ට්‍රම්ප්ගෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

ට්‍රම්ප්ගෙන් පැනමාවට අනතුරු ඇඟවීමක් !

5
0

මධ්‍යම ඇමෙරිකානු රටක් වන පැනමාව තමාට පිළිගත හැකි ආකාරයකට පැනමා ඇළ කළමනාකරණය නොකරන්නේ නම් නැවතත් පැනමා ඇළ ඇමෙරිකාවට බාරදිය යුතු බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව පිළිගත නොහැකි අධික ගාස්තුවක් අය කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. ඇමෙරිකාව පැනමාවට දක්වා තිබෙන විශේෂ සැලකිල්ල අමතක කරන පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් පැනමාව අය කරන ගාස්තුව හාස්‍යජනක බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබා තිබේ.

මෙලෙස අධික ගාස්තුවක් අය කිරීම ඇමෙරිකාව සූරා කෑමක් බවත් එය වහාම නැවැත්විය යුතු බවත් පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, පැනමා ඇළ වැරදි පුද්ගලයන්ගේ අතට පත් නොවිය යුතු අතර පැනමා ඇළේ කළමනාකරණය චීනය අතට පත්නොවිය යුතු බවටද අනතුරු අඟවා තිබේ.

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම පැනමා ජනාධිපති ජොසේ රාඋල් මුලීනෝ ප්‍රතික්ෂේප කර තිබෙන අතර පැනමා ඇළ භාවිත කරන නෞකාවලින් එලෙස අසාධාරණ ගාස්තුවක් අය නොකරන බවත් පැනමාවේ ස්වෛරීභාවය නැවත සාකච්ඡා කළ නොහැකි පවසා තිබේ. එමෙන්ම පැනමා ඇළ සහ එහි යාබද කලාපවල සෑම වර්ග මීටරයක්ම පැනමාවේ කොටසක් බවත් එය එලෙසම ඒ අකාරයෙන් පවතිනු ඇති බවද පැනමා ජනාධිපති සඳහන් කර තිබේ.

පැනමා ඇළ යනු සමුද්‍ර වෙළඳාම සඳහා කෘතීමව තැනු පැනමාවේ කිලෝමීටර් 82 ක ජල මාර්ගයක් වන අතර එය අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය සමඟ සම්බන්ධ කරයි.

Previous articleහිටපු ඇමති SM : සර්වජන බලයට එක්වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here