පැවති මහමැතිවරණයට අදාළව මේ දක්වාත් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එසේම මහමැතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන ලෙස සිදුකළ දැනුම් දීමට අනුව අදාළ වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තු මේ වන විට දිස්ත්රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වල ප්රදර්ශනය කර තිබේ.
මෙම තත්වය හමුවේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ ලැයිස්තුවක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
එපමණක් නොව මේ වන විටත් ජනාධිපතිවරණයේ සහ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ගේ නම් පොලිසියට ලබා දී ඇති අතර ඊට අදාළ නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති බවද මැතිවරණ කොමිසම පවසයි .