ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු තුන් දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බවට කොළඹ මහාධිකරණය අද (20) නිවේදනය කළා.
හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම් දේපළ අත්පත් කරගැනීමේ චෝදනාවට වෙලේසුදා මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටී.
රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර රාජගිරිය, දෙහිවල හා මාදිවල ප්‍රදේශවල වත්කම් අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා, ඔහුගේ බිරිඳ හා ඥාති සහෝදරියකට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ