Home අද ද්විපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡා

ද්විපාර්ශ්වික සහයෝගීතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාකච්ඡා

32
0

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර අංශයේ උපදේශක යුවාන් රුයිඩොං (Yuan Ruidong) මහතා ඇතුළු දූත පිරිස අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඉකුත් දා පැවැත්විණි.

No description available.

මානව සම්පත සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටේ මැදිහත්වීම සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.

No description available.

ශ්‍රී ලංකාවේ ආධුනික ශිෂ්‍යයන් වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් සඳහා අවස්ථා වැඩි කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා චීනයේ සහයෝගීතාව ලබාදීම මෙන්ම චීන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතන අතර හවුල්කාරිත්වය වර්ධනය කිරීම සදහා Silk Road Village to Village Initiative සහ China-Singapore (Chongqing) Connectivity Initiative යටතේ ශ්‍රී ලංකා සහ චීන රජයන් අතර අනාගත සහයෝගීතාව ඉහළ නංවාගත යුතු ක්ෂේත්‍ර පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

චීන රජයේ Beijing Industrial Technician College, Chongqing Three Gorges Vocational College යන ආයතනවල නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

Previous articleහිටපු EPDP මන්ත්‍රී අත්අඩංගුවට
Next articleපඩි දෙගුණ කරගත්තේ නැහැ – CEYPETCO සභාපති CID යට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here