Home අද මෙරටට ආනයන කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි නොකොළොත් වෙන දේ මෙන්න

මෙරටට ආනයන කරන වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි නොකොළොත් වෙන දේ මෙන්න

68
0

මෙරටට ආනයනය කරනු ලබන වාහන දින 90ක් ගතවීමට පෙර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත.

ආනයනය කරනු ලබන වාහන නියමිත කාලයේදී ලියාපදිංචි නොකළහොත් එය ලියාපදිංචි කරන අවස්ථාවේදී වාහන ආනයනකරු වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු වලින් සියයට හතළිස්පහක් (45% ) සහ ප්‍රමාද ගාස්තු ද ගෙවිය යුතුය.

වාහන ආනයන කරුවකු මාස හයක් තුළ තමන් ආනයනය කළ මුළු වාහන ප්‍රමාණයෙන් සියයට විසිපහක් (25%) දින 90ක් තුළ ලියාපදිංචි නොකළොත් ඔහුගේ වාහන ආනයන බලපත්‍රය මාස තිස් හයකට තහනම් කරන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පැවසීය.

මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගත් බව එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

Previous articleරන්ජන් ලංකා සමාගම Zero Technologies සමග එක් වී Zero වායුසමීකරණ යන්ත්‍ර ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Next articleඥානසාර හිමිට වරෙන්තු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here