උපයනවිට ගෙවීමේ බද්ද(PayE Tax) අය කරන සීමාව රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ දැමීමටත්, දැනට අය කරන බදු අනුපාත අඩු කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (18) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි .
අදාළ බදු සංශෝධනය සිදුවන ආකාරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ රුපියල් 150,000 දක්වා මාසික වැටුපක් ගන්න පුද්ගලයෙක් 100% බද්දෙන් නිදහස් බවයි.
එසේම රුපියල් ලක්ෂ 2ක් වැටුප් ගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 71%කින් නිදහස් බවත් රුපියල් ලක්ෂ 2 හමාරක් වැටුපක් ගන්නා පුද්ගලයෙක්ගේ බද්ද 61%කින් නිදහස් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .
තවද රුපියල් ලක්ෂ 3ක් වැටුපක් ගනුලබන පුද්ගලයෙක්ගේ බද්ද 47%කින් නිදහස් වන අතර රුපියල් ලක්ෂ 3 හමාරක් වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ බද්ද 25.5%කින් නිදහස් බවද ඔහු පැවසීය .
උපයනවිට ගෙවීමේ බදු සංශෝධනය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ වැඩි ආදායම් ලබා ගන්නා අයට අඩු සහනයකුත්, අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයට බදු සංශෝධනය කිරීමට රජය සමත්ව තිබෙන බවයි.
එමෙන්ම 2028 වසර වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 15.1 දක්වා වර්ධනය කර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා 2028 වසරේ පවතින්නේ ද තම ආණ්ඩුවක් බවද සඳහන් කළේය .
එමෙන්ම යළි කිසිදිනක 2022 පැවති තත්ත්වය රට තුළ යළි ඇති නොවෙනු ඇති බව ද ජනාධිපති අනුර දිසානායක පැවසීය.