බෘනායි රාජ්‍යයේ පැවති (2024 දෙසැම්බර්) ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල් 17 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික් ජාත්‍යන්තර රීදී සම්මානය දිනාගැනීමට සමත්ව තිබේ.
චීනය, ඉන්දියාව, පකිස්තානය, හොංකොන් ඇතුළු රටවල් 17ක් මෙම තරගයට සහභාගී වී ඇත.
සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය හඳුන්වා දෙමින් කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි, ලෝචනී ජයවර්ධන සහ අරති විජේරත්න යන මෙම සිසුවියන් සිවුදෙනා ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කර දී තිබේ.