තෙදින නිල සංචාරකයක් සඳහා අද (15) ඉන්දියාව බලා ගිය ජනාධිපති අනුර දිසානායක පිළිගැනීම වෙනුවෙන් එරට නගරය ක ඔහුගේ රුව රැගත් පෝස්ටර් අලවා තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති , අගමැති ඇතුළු ඉහළ පෙළේ ඉන්දීය දේශපාලනඥයන් කිහිපදෙනෙකු සමඟ ද්වීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ව්‍යාපාරික හමුවක් ද සංවිධානය කර ඇති බවද වාර්තා වෙයි.මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වීම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ.
ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශය 03 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරු පත් කර ඇත.
ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න ද, ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ද, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ද, කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පත් කර සිටිති.