Home අද අනුරට පස්සේ රනිල්ටත් ඉන්දීය සංචාරයකට ආරාධනා !

අනුරට පස්සේ රනිල්ටත් ඉන්දීය සංචාරයකට ආරාධනා !

31
0

ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ඉන්දීය නිල සංචාරයෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ද ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනයක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා දෙසැම්බර් 22 අලුයම ඉන්දියාවට යාමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මෙම ඉන්දීය සංචාරයේදී එරට දේශපාලඥයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිත බවද වාර්තා වෙයි.

එසේම ඔහු දෙසැම්බර් 27 දා වජ්පායි අනුස්මරණ දේශනය (7th Atal Bihari Vajpayee Memorial Lecture) සිදුකිරීමට නියමිතය.

ජනාධිපති කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර තිබෙන අතර අනතුරුව ඔහු චීනයේ සංචාරය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Previous articleආනයනික සහල් තොග අතර පරිභෝජනයට නොසුදුසු සහල් හමුවෙයි !
Next articleඅනුර ආපු ගමන් ගෙදර යැව්වේ : මහාචාර්ය පට්ටම් අවභාවිතය වැලැක්වූ UGC හිටපු සභාපතිව !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here