අසත්‍යය තොරතුරු ඉදිරිපත් කරමින් ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන හයදාහක් පමණ රට පුරා සංසරණය වන බවට ලැබී ඇති තොරතුරු මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාළ වාහන දෙවන හෝ ඊට පසුව පැවරීමේ දී එම පැවරීම් ලාභීන් දැඩි අපහසුතාවන්ට මුහුණ පාන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
රජයට ගෙවිය යුතු රේගු බදු නොගෙවා නීත්‍යානුකූල නොවන ක්‍රම ඔස්සේ ගෙන්වා ඇති මෙම වාහන අතරින් හඳුනාගත් වාහන සඳහා නීත්‍යානුකූල කටයුතු සිදුකරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
දෙවන හා ඊට පසු පැවරීම් ලාභීන් මුහුණ දෙන අපහසුතාවන්ට පිළියමක් ලෙස ගැනුම්කරුවකු වාහනයක් මිලදී ගැනීමේදී එය ගැනීමට පෙර එම වාහනය සඳහා නිසි පරිදි ආනයනික තීරු බදු සහ වෙනත් බදු ගෙවා ඇති බවට තහවුරු කර ගැනීමට සුදුසු මාර්ගගත ප්‍රවේශයක් සකස්කර දෙන ලෙස කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත මාර්ග උපදේශ ලබා දී ඇත.
ඊට ප්‍රතිචාර ලෙස මාර්ගගත ද්වාරයක් හඳුන්වා දී ඇති අතර මේ හරහා කිසියම් පුද්ගලයෙක් විසින් මිලදී ගැනීමට අපේක්ෂා කරන වාහනය ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කර නිසි පරිදි රේගු බදු ගෙවා ඇත්ද යන්න බැලීමට අවස්ථාව සලසා දී තිබේ.