Home අද අධිකරණ ඇමතිගේ ආචාර්ය පට්ටමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

අධිකරණ ඇමතිගේ ආචාර්ය පට්ටමත් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

1216
0

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ ඇමැති හර්ෂණ නානායකකාර මහතාගේ නම ඉදිරියේ සඳහන්ව තිබූ ආචාර්ය (Dr.) යන වචනය එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.

No description available.

මීට ඉහතදී වත්මන් කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියේද තිබූ ආචාර්ය යන වචනය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබිණි.

No description available.

හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින් ආචාර්ය (Dr.) යන වචනය යොදා තිබුණද එවැනි ආචාර්ය උපාධියක් ගැන සඳහන් කර ඒ මහතා විසින් ලිපියක් භාරදී නොතිබූ බවත් එවැනි පසුබිමක එම නාමය වෙබ් අඩවියේ සඳහන් වූයේ කෙසේද යන්න පිළිබඳව සොයා බලන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඇමතිවරයා සූදානමින් සිටින බවයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මහා ජන නියෝජිතයින් සම්බන්ධව මෑත කාලයේ ඇති වූ මතගැටුම් හා විවේචන සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විස්තර නිවැරදිව සටහන්ව තිබේදැයි විධිමත් සොයා බැලීමක් කරන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් පාර්ලිමේන්තු වෙබ් අඩවිය බාර නිලධාරීන්ට පදෙස් දී තිබේ.

Previous articleකතානායකට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවානම් වරක් නෙවෙයි දෙවරක් හිතන්න – නාමල්
Next articleමාලිමා මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට තේරිම්කාරක සභාවක් ඉල්ලමින් යෝජනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here