Home අද පුනරුදය වැඩ පෙන්වයි : ජලාශ වාන් දමන විටත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය...

පුනරුදය වැඩ පෙන්වයි : ජලාශ වාන් දමන විටත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය අරගෙන !

1201
0

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බව විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර චෝදනා කරයි.

ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවද ඒ මහතා පෙන්වා දෙයි .

විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මේ බව සඳහන් කර සිටියේ
ලංකා විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි .

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඔහු එහිදී පැවසීය .

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බවද පැවසූ ඒ මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය.

Previous articleපාලන මිලට වැඩියෙන් සහල් වික්ක 50කට නඩු
Next articleහරිනිගේ ප්‍රමාදය නිසා චීන තානාපති හැරී ගිහින් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here