Home අද හරිනිගේ ප්‍රමාදය නිසා චීන තානාපති හැරී ගිහින් !

හරිනිගේ ප්‍රමාදය නිසා චීන තානාපති හැරී ගිහින් !

26
0

අගමැති හරිනි අමරසූරිය සහ චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ පැවති උත්සවයක් සඳහා අගමැතිවරිය පැයකටත් වඩා කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් උත්සවය සංවිධානය කළ රජයේ නිලධාරීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි .

ඊයේ (10) මෙම උත්සවය සංවිධානය කර තිබුණේ කොළඹ වරාය පරිශ්‍රයේ වන අතර ඒ චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2025 වසර සඳහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපතිවරයා වෙතින් ශ්‍රී ලංකා අගමැති හරිනි අමරසූරිය වෙත නිල වශයෙන් භාරදීම වෙනුවෙනි .

මෙම උත්සවය පෙරවරු 11.30 ට ආරම්භවීමට නියමිතව තිබුණත් අගමැතිවරිය නියමිත වෙලාවට ඒ සඳහා සහභාගීව නැත . ඒ වෙනුවට ඇය එම උත්සවය සඳහා සහභාගීව තිබෙන්නේ පැයක ප්‍රමාදයකින් පසුවය .

කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා චීන තානාපතිවරයා නියමිත වේලාවට පැමිණ රස්තියාදුවෙමින් සිට ඇති අතර ඔඅසුව ඔහු එම ස්ථානයෙන් පිටවගොස් තිබේ . චීන තානාපතිවරයා නැවත එම උත්සවය සඳහා පැමිණ තිබෙන්නේ අගමැතිවරියගේ පැමිණීමෙන් අනතුරුවය .

මේ සම්බන්ධව ලැබෙන ආරංචිමාර්ග සඳහන් කරන්නේ , අගමැතිවරියගේ ප්‍රමාදය හේතුවෙන් චීන තානාපති නිලධාරීන් මෙන්ම මෙරට රාජ්‍ය නිලධාරීන්ද බලවත් අපහසුතාවට පත්වූ බවයි . සාමාන්‍ය රාජ්‍ය උත්සවයකදී සුළු සුළු ප්‍රමාදයන් සිදුවූවද පසුගිය සමයේ කිසිඳු අවස්ථාවක ඉහළ පෙළේ විදෙස් රාජතාන්ත්‍රිකයන් සහභාගී වන උත්සව සඳහා අගමැති පමණක් නොව ජනාධිපතිවරයාද ප්‍රමාදවී නොමැති බවද එම ආරංචිමාර්ග පෙන්වාදෙයි . පූර්ව දැනුම්දීමකින් තොරව මෙවැනි දේ සිදුවීම රටට අපකීර්තියක් බවත් අනෙකාගේ කාලය නිකරුණේ වැයවීම සම්බන්ධව පමණක් නොව , අනෙකාට දක්වන ගෞරවය සම්බන්ධයෙන් ආචාරධර්ම ගැටළුවක්ද එහි වූ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි .

Previous articleපුනරුදය වැඩ පෙන්වයි : ජලාශ වාන් දමන විටත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය අරගෙන !
Next articleඅසාධ්‍ය වූ සිවාජි ICU දායි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here