Home අද ආචාර්ය පට්ටම ගැන කතානායක රන්වල කට අරියි : සපුමල් සුවඳැති අලුත්ම විස්තරේ...

ආචාර්ය පට්ටම ගැන කතානායක රන්වල කට අරියි : සපුමල් සුවඳැති අලුත්ම විස්තරේ මෙන්න !

1171
0

මේ වන විටත් ජාතික ජනබලවේගය ආණ්ඩුවද බලවත් අපහසුතාවට පත්කරමින් රටේ ආන්දෝලනයකට තුඩුදී තිබෙන කථානායක අසෝක රංවල ට ඇති බව කියන ආචාර්ය උපාධිය ඇතුළු ඉදිරිපත් කර ඇති අධ්‍යාපන සුදුසුකම් සාවද්‍ය බවට වන කතාබහ සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යුත් නාලිකාවක් විසින් සිදුකළ විමසීමකදී ය.

කෙසේ වුවත් එහිදී ද කතානායක අශෝක රන්වල සිය නිවැරදි බව තහවුරු කිරීමට කටයුතු කර නොමැති අතර ඒ වෙනුවට පවසා ඇත්තේ එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් තමා නිසි අවස්ථාවේ ප්‍රතිචාර දක්වන බවය.

නමුත් මේ සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදුකරන පාර්ශ්ව පවසන්නේ කථානායකවරයා තමාට සැබෑ ලෙසම ආචාර්ය උපාධියක් ඇත්දැයි තහවුරු කර පෙන්විය යුතු අතර රජය මෙම සමාජ සැකය දුරු කළ යුතු බවය.

කථානායක අසෝක රංවල මහ මැතිවරණයට තරගකිරීමටත් පෙර ඔහු පිළිබඳ කෙරෙන හැඳින්වීම්වලදී ආචාර්ය යන පදවිය භාවිත කෙරුණු අතර ඔහු කථානායක ධුරයට පත්වීමෙන් පසුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඔහුගේ නම ආචාර්ය අශෝක සපුමල් රංවල ලෙස සටහන් කර තිබුණි.

කෙසේවෙතත් ඔහුට නීත්‍යනුකූලව ලැබුණු පිළිගත් ආචාර්ය පදවියක් නොමැති බවට විශ්වාවිද්‍යාල මාහාචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කිරීමත් සමග සමාජයේ විවාදයක් නිර්මාණය විය.

ඒ සමග මේ වනවිට පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්ද ඔහුගේ නමට ඉදිරියෙන් තිබූ ආචාර්ය කොටස ඉවත් කර තිබීම හේතුවෙන් ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව සැක පළ කරයි.

ආචාර්‍ය උපාධියක් ගන්නාවිට අඩුම තරමින් එක් විද්‍යාත්මක ප්‍රකාශනයක් වත් පල කෙරෙන බැවින් ඒවා සියල්ල සටහන් වන Google scholar වෙබ් පිටුවෙහිද වත්මන් කතානායකවරයාගේ නම යොදා සොයා බැලුවද එකඳු විද්‍යාත්මක ප්‍රකාශනයක්වත් පෙන්නුම් කරන්නේ නැත.
මේ බව සඳහන් කරමින් ආචාර්ය කුමාර කළුආරච්චි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර, කතානායක අශෝක රන්වල ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ ලේකඛාධිකාර වෙත ඉල්ලුම් පත්‍රයක් ද යොමුකර තිබේ.

මෙතෙක් ඊට අදාළ තොරතුරු ලැබී නැති අතර අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙතින් ප්‍රශ්න කළත් ඔහු ද ඊට සෘජු පිළිතුරක් දුන්නේ නැත.

එහිදී ඔහුද පැවසුවේ නිසි අවස්ථාවේ කතානායකවරයා ප්‍රතිචාර දක්වනු ඇති බවත් එතෙක් චෝදනා එල්ල කරන පිරිසට එසේ කරගෙන යාමට ඉඩදෙමු වැනි ලිස්සන සුළු ප්‍රකාශයකි.

මේ සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් තුළ සැකසංකා පහළ ව ඇත. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ දූෂණ විරෝධි , වංචා විරෝධි වැඩපිළිවෙළක් ප්‍රමුඛ කොටගත් ජාතික ජනබලවේගය ආණ්ඩුව මේ ප්‍රශ්නය මඟ හැරීම අදහාගත නොහැකි කාරණයක් බවයි. ක්ෂණික ප්‍රතිචාරයක් හරහා සත්‍යෝක්ෂණය කළ හැකි මේ කාරණයට විසඳුම් නොදීම හරහා සත්‍ය ලෙසම කතානායක ව්‍යාජ තොරතුරු මුදාහැරීම අනියමින් පිළිගැනීමක් මෙන්ම එය කෙසේ හෝ වසං කරගැනීමේ උත්සාහය ආණ්ඩුවේ අභිප්‍රාය වී ඇති බවද ඔවුන්ගේ මතය වී තිබේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවට වගකියන මාධ්‍ය මෙහෙවරක නිරත newshub.lk වාර්තා පහත දැක්වෙයි .

ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරලා : කථානායක රන්වලට බරපතළ චෝදනාවක් !

කතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !

කථානායකගේ සුදුසුකම් ගැන කථානායකම කියයි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය ගැන විපක්ෂ නායක නිහඬ ඇයි ? දෙන්නම එකම බෝට්ටුවෙද?

Previous articleගෑස් සිලින්ඩර පාටියේ ලේකම්තුමිය දේශපාලන හොරකමක : සභාපතිගෙන් සැර නිවේදනයක් !
Next articleකථානායක ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබා නෑ – විශ්වවිද්‍යාලයෙන් දැනුම් දුන් බව තලතා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here