Home අද අසාද් පාලනය බිඳ වැටීමත් සමඟ ඊශ්‍රායලයෙන් සිරියාවට දැඩි ගුවන් ප්‍රහාර

අසාද් පාලනය බිඳ වැටීමත් සමඟ ඊශ්‍රායලයෙන් සිරියාවට දැඩි ගුවන් ප්‍රහාර

19
0

ඊශ්‍රායලය විසින් සිරියාවේ ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාර එල්ලකළ බව සිරියා මාධ්‍ය සඳහන් කරන අතර ගුවන් ප්‍රහාර 100කට අධික සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි බ්‍රිතාන්‍ය පාදක කරගත් මානව හිමිකම් සංවිධානයක් නිවේදනය කර තිබේ.

රසායනික අවි නිෂ්පාදනය කෙරෙන ස්ථානයක් ලෙස සැලකෙන ප්‍රදේශයකට ද ගුවන් ප්‍රහාර එල්ලවී ඇති බවයි වාර්තා වන අතර අසාද් පාලනය බිඳ වැටීමත් සමග රසායනික අවි ඇතුළු භයානක අවි ආයුධ අන්තවාදී සටන්කාමීන් අතට පත්වීම වැළැක්වීම සඳහා මෙම ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.

Previous articleඩොලර් මිලියන 250ක් ණය ගන්න අනුර දාපු කැබිනට් පත්‍රිකාව අනුමතයි
Next articleශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් – ටෙස්ට් ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here