Home අද රිලා අවුලෙන් ආණ්ඩුව බේරගන්න මාලිමා හිතවාදී පරිසරවේදීන් එයි !

රිලා අවුලෙන් ආණ්ඩුව බේරගන්න මාලිමා හිතවාදී පරිසරවේදීන් එයි !

146
0

වගා හානි කරන වන සතුන්ට පෞද්ගලික වගා බිමේ දී ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නෛතික බාධාවක් නැති බවට විෂයභාර අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පැවසීමත් සමඟ එල්ලවූ බරපතළ සමාජ අපවාදටෙන් ආණ්ඩුව ගලවා ගැනීම සඳහා ජාතික ජනබලවේගය පක්ෂයට හිතවත් තවත් පරිසරවේදීන් පිරිසක් මැදිහත්ව ඇත .

ඒ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ගේ ජාතික සම්බන්ධීරණයෙන් සමන්විත පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයයි.

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් සමාජ මාධ්‍ය හරහා මෙන්ම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ඊට දායකවුවෙකි .

ඒ අනුව පරිසර හා ස්වභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධානය සඳහන් කරන්නේ රිලවුන් ඇතුළු මෙරට වගාවන් වෙත හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත භාරදීමට කටයුතු කරන බවයි .

එහි ජාතික සම්බන්ධීකාරක, පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ මේ වන විට මෙරට වඳුරන්ගේ සහ රිළවුන්ගේ ගහනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි කෙටි කාලීන මෙන්ම දිගු කාලීන යෝජනා ද මෙහි ඇතුළත් බවය.

“ලංකාවේ රිළා ගහනය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම ඒකට හේතුව මේ අයව ස්වභාවිකව වද කරන විලෝපිතයින් නැති වීම. අනෙක් එක කැලේ තිබුණ ආහාර ප්‍රමාණයන් අඩුවීම හා වගාබිම් ආශ්‍රිතව කෑම වැඩිවුණාට පස්සේ, මේ අය ජනතාව ඉන්න ප්‍රදේශවලට ඇදෙන්න පටන් ගත්තා. මේ අය පාලනයට අපි යෝජනා කළා ලංකාවේ ආයතන 15ක් ඒකාබද්ධ කරලා යම් යාන්ත්‍රණයක් හදන්න කියලා. ඒ වගේම අද පරිසර අමාත්‍යවරයාට යෝජනාවක් භාරදෙනවා මේ සත්ත්ව ප්‍රජාව පාලනයට ගත යුතු පියවරයන් ගණනාවක් සඳහන් කරලා.”

ඉන්දියාවේ ඇතිවු මෙවැනිම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මෙලෙස අදහස් පළ කළේය.

“දැනට ඉන්දියාවේ ජම්බු සහ කාශ්මීර් කියන ප්‍රාන්තවල කරපු පර්යේෂණ ගණනාවක් තියෙනවා. රිළවුන් වද කිරීමේ දී වන්ද්‍යකරණ සැත්කම් පමණක් නෙමෙයි. ආහාරවලට වන්ද්‍යකරණයට වීමට අවශ්‍ය බෙහෙත් කලවම් කරලා දෙන එක. නැත්නම් වෙනත් හෝමෝන වන්ද්‍යකරණය සඳහා යොදා ගැනීම. තවත් රටවල වෛරස් වගේ දේවල් යොදාගෙන තියෙනවා. අපිට විශේෂයෙන් සත්තු වනද්‍යාකරණයට අවශ්‍ය හෝමෝන ආහාර මාර්ගයෙන් ලබාදෙන්න. එවිට යම් ප්‍රමාණාත්මකව තමා මෙය කළ යුත්තේ. එසේ නොමැති වුවහොත් ලංකාවට ආවේණික උප විශේෂයක් වන macaca sinica රිළවුන් වදවීමේ යෑමේ අවධානමක් තියෙනවා. මේක පර්යේෂණයකින් පස්සේ ආරම්භ කරන්න .”

Previous articleදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරඟයේ අවසන් දිනය අදයි
Next articleවිදුලියේ බෝනස් දියව් : රන්ජන් දුන්න කාලයේ අන්තිම පැය 24 ඇරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here