බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණේ එළැඹෙන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබිණ.
මේ වන විටත් ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ එසේ අත්අඩංගුවට පත්ව තිබුණේ සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවීම සමඟය.
අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ලොහාන් රත්වත්තේ බීමතින් රිය පදවා ඇති බවයි.