විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති අතර එහිදී දැනුම්දී තිබෙන්නේ ඉදිරි මාස 6 ක කාලය සඳහා ද පවතින විදුලි ගාස්තු පවත්වාගෙන යාමට ය.
මීට පෙර මෙම වසරේ දෙසැම්බර් මස සිට ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව ඔක්තෝබර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදී තිබුණි.
එහිදී විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබුණේ පවතින විදුලි ගාස්තුවෙන් 6%ක් අඩු කිරීමට වුවත් මහජන උපයෝගිතා කොමිසමේ ස්ථාවරය වී තිබුණේ ඊට වඩා වැඩි සහනයක් විදුලි පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකියාව ඇති බවයි.
ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ සංශෝධිත යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලය වෙත දැනුම්දීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබිණ.
එකී දැනුම්දීම අනුව අදාළ යෝජනාව ලබාදීමට නියමිත කාලය අවස්ථා කිහිපයකදී දීර්ඝ කර ගැනීමටද විදුලිබල මණ්ඩලය ක්‍රියාකල අතර එකී යෝජනාව දෙසැම්බර් 06 ලබාදීමට තීරණය කෙරුණේ ඒ අනුව ය.
කෙසේ වෙතත් විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද දිනයේ මහජන උපයෝගීතා කොමිසම වෙත ලබා නොදුනහොත් අදාළ ගාස්තු සංශෝධනය මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකරන බව විදුලිබල මණ්ඩලය වෙත ලිපියකින් දැනුම්දී තිබිණ.
2025 ජනවාරි මාසයේ සිට ඉදිරි මාස 6 ක කාලය සඳහා පවතින විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමට අදහස් කරන බව දක්වමින් විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබෙන්නේ මේ පසුබිමේය.
ඒ අනුව මහජන කොමිසමේ පෙර ස්ථාවරය අනුව නම් 6%ක ඊට වැඩි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකර පෙන්විය යුතුව ඇතිනමුත් මෙතෙක් ඊට අදාළ ප්‍රතිචාරය කොමිසම විසින් සිදුර නොමැත .
කෙසේ වුවත් පසුගිය ආණ්ඩුව සමයේ තීන්දු කර තිබුණේ වාර්ෂිකව සිව් වතාවක් විදුලි ගාසංශෝධනය සිදුකළ ය
ඊට අනුව 2023 වසරේදී තෙවරක් සහ මෙම වර්ෂයේදී දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය සිදු කෙරුණි. අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්. කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල සමස්ත ගාස්තු අඩුවීම සියයට 22.5ක් සිදුකෙරිණි.
අනෙක් අතට වත්මන් පාලනය බලය ගැනීමට පෙර මැතිවරණ පවසා සිටියේ තමන් බලය ලබාගත ඉතාම කුඩා කාලයකින් විදුලි ගාස්තු අඩු කර ජනතාවට සහනයක් සළසන බවයි. එහිදී රුපියල් 9000 විදුලි ගාස්තුව 6000ක් කරන බවත් 3000 විදුලි ගාස්තුව 2000ක් කර ජනතාවට සහන දෙන බව එවකට විපක්ෂයේ සිට වත්මන් ජනාධිපති පැවසීය.
එසේම විදුලිබල මණ්ඩලයේ ජවිපෙ වෘත්තීය සමිති නායකයා වන රංජන් ජයලාල් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේ මේ වන විට විදුලි බල මණ්ඩලය ලාභ ලබන බැවින් පසුගිය ආණ්ඩුව නවතා තිබූ සේවක ප්‍රසාද දීමනා වහාම ලබාදිය යුතු බවයි. එසේ නොවුවහොත් මේ ආණ්ඩුවට දෂ්ට කරන බවද පවසා ඔහු තර්ජනය කළේය.
අනෙක් අතට පසුගිය සමයේ ලැබුණු වර්ෂාව හේතුවෙන් 60% ක අධික විදුලි උත්පාදනයක් කෙරුණේ ජල විදුලියෙන් බැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය 30% ක ගාස්තු අඩු කිරීමක් සිදුකළ හැකි බව බලශක්ති ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ද අදහස වී තිබිණ.
එවැනි පසුබිමක විදුලි බල මණ්ඩලයේ වත්මන් තීන්දුව හමුවේ ඔවුන් දැන් සැකසංකා පළකරන්නේ රංජන් ජයලාල් ගේ තර්ජනය හේතුවෙන් විදුලි ගාස්තු සංශෝධනය නොකර වෘත්තීය සමිති කීමට සේවකයින් වෙත බෝනස් දී පොදුජනතාව වෙත ලබාදිය හැකි පැහැදිලි සහනය නොදීමට ආණ්ඩුව සූදානම් වනවාද කියාය.
එසේත් නැත්නම් මෙයින් කියාපාන්නේ ජනාධිපති අනුර දිසානායක වගේම මාලිමාව ආණ්ඩු බලය ගැනීමට පෙර කළකී දේ අනෙක් සෑම අංශයකදීම වගේම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද ව්‍යාජයක් හා කඩවුණු පොරොන්දුවක් වී ඇති බවයි.