Home අද ණය උපදේශකයන්ට ගෙවන්න අනුර මිලියන 3213ක් වෙන්කරගෙන

ණය උපදේශකයන්ට ගෙවන්න අනුර මිලියන 3213ක් වෙන්කරගෙන

172
0

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ රජය රට හදන්න වැල් පාර්ලිමේ ගියේ රෙදි ඇඳගෙන වුවත් වත්මන් ජනාධිපති අනුර දිසානායක හා වත්මන් ආණ්ඩුව වැල් පාර්ලිමේ යන්නේ රෙදි නැතුව යයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මේ බව සඳහන් කර සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය අමතමිනි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දරන්නන් සමඟ ඇති ණය තිරසාර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා ණය තිරසාර ගිවිසුම පිළිබඳ තොරතුරු මන්ත්‍රීවරුන් දැනගත යුතු බවත් පසුගිය රජය ඇතිකරගත් එකඟතාවයෙන් ඉදිරියට යනවාද නැතිනම් අලුත් ගිවිසුමකට ගියාද යන්න දැනගන්නට අවශ්‍ය බවත් අවධාරණය කර සිටියේ ය.

Previous articleජනපති සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් !
Next articleමාලිමා රජයේ කොටස්කරුවන් වෙන්න : අනුරගෙන් මීඩියා වලට ආරාධනයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here