මේ වනවිට වෙළඳපොළේ සහල් හිඟයක් පවතින බවත් රට තුළ ඇති සහල් ද රුපියල් 250 සිට 280 දක්වා මිල ගණන් වලට විකුණන බවත් අනුරාධපුර දිස්ත්‍රික් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර මහතා පවසනවා.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ඉහළ මිල ගණන් වලට පවා විකුණනු ලබන සහල් පාරිභෝගිකයින්ට ලබාදෙනුයේ ගංජා විකුණන ආකාරයට හොරෙන් බවත් ඒ මහතා කියා සිටිනවා.
ආණ්ඩුව පැමිණියේ මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් දණගස්වන බව පවසා බවත් මේ වනවිට සිදුව ඇත්තේ ආණ්ඩුව මහා පරිමාණයේ සහල් මෝල් හිමියන් ඉදිරියේ දණ ගැසීම හේතුවෙන් ජනතාව හතර ගාතෙන් වැටීමට ලක්ව ඇති බවයි.