Home අද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස් වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවෙන් හිරුණිකා නිදහස් වෙයි

8
0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට අද (04) නියෝග කර තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් සම්බන්ධයෙන් තමන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පලකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් මින් ඉදිරියට එවැනි ප්‍රකාශ සිදු නොකරන බවටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Previous articleදැන් හාල් විකුණන්නේ හොරෙන් හරියට ගංජා විකුණනවා වගේ
Next articleපොල් ගෙඩියක් රුපියල් 130ට දෙනවා – ඇමති වසන්ත කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here