Home අද මැතිවරණයේ ආදායම් වියදම් 06 වන දිනට පෙර භාරදෙන්න – නොදෙන අයට නීති...

මැතිවරණයේ ආදායම් වියදම් 06 වන දිනට පෙර භාරදෙන්න – නොදෙන අයට නීති පියවර

19
0

2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සහ අපේක්ෂකයන් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරු සහ ස්වාධීන කණ්ඩායම් නායකයන් මැතිවරණයේ ආදායම් සහ වියදම් වාර්තා මෙම මස 6 වැනිදා හෝ ඊට පෙර භාරදිය යුතු යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙම මස 6 වැනිදා රාත්‍රී 12.00ට පෙර හෝ ඊට පෙර එම වාර්තා වෙන් වෙන්ව සකස් කර තරග කළ දිස්ත්‍රික්කවල තේරිම්භාර නිලධාරීන්ට භාරදිය යුතු බවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින් ඔවුන්ගේ ආදායම් සහ වියදම් වාර්තා මැතිවරණ මහලේකම් කාර්යාලයට භාරදිය යුතු බවද දන්වා තිබේ.

අපේක්ෂකයින්ට, අපේක්ෂකයින් නියෝජනය කළ පක්ෂවල ලේකම්වරුන්ට, ස්වාධීන කණ්ඩායම් නායකයින්ට සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට හැකිවන පරිදි සාමාන්‍ය රාජකාරී දිනවල පස්වරු 6.00 දක්වා කාර්යාල විවෘතව තබන බවත්, මෙම මස 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා භාරගැනීමේ විශේෂ ඒකක විවෘතව තබන බව ද මැතිවරණ කොමසම සඳහන් කළේය.

එදින හෝ එදිනට පෙර අදාළ වාර්තා භාරනොදීම මැතිවරණ විදයම් නියාමනය කිරීමේ පනත යටතේ වරදක් වන බැවින් ඒ පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.

Previous articleමුස්ලිම් කොන්ග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී දිව්රුම් දෙයි
Next articleඑළඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙමුහුන් ක්‍රමයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here