Home අද පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

68
0

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය .

පළාත් පාලන මැතිවරණය ජනවාරි මාසයේ පැවැත්වීමට රජය තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුවක් නොවන බව පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී යොදාගත් රාජ්‍ය නිලධාරීන් මේ මැතිවරණය සඳහාද යොදාගත හැකිි බව මෙම සීය සියය.

කෙසේ හෝ මැතිවරණය සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය වන්නේ
දින හතළිහ කාලයක් බව පෙන්වාදෙන කොමසාරිස් ජනරාල්වරයා ඒ අනුව ජනවාරි මාසය තුළ මැතිවරණය පැවැත්විය හැකි බවට විශ්වාසය පළ කළේය.

අපොස උසස් පෙළ විභාගය ලබන ජනවාරි මාසය වන විට අවසන් වන අතර ඒ අනුව ජනවාරි මාසයේ අග භාගයේ දී
ඡන්දය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Previous articleමුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට
Next articleවැඩ බැරි කයියන්ට පාලනය බාරදීමේ විපාකය ජනතාව භුක්ති විඳිමින් සිටිනවා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here