Home අද මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට

52
0

නව අග විනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහමිය අද (02) ජනාධිපති අනුර කුමාර මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමත් සමඟ මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුරට පත් කර තිබේ.

මෙරට අගවිනිසුරු ධූරයට පත් වූ දෙවන කාන්තාව ඇය වන අතර 2024 ඔක්තෝබර් 10 සිට වැඩ බලන අගවිනිසුරුවරිය ලෙස එතුමිය කටයුතු කළාය.

1985වසරේ නීතිපති දෙපාර්තමේන්තුවට එක් වූ මුර්දු ප්‍රනාන්දු මහත්මිය 1997 වසරේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලෙසත් 2014අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙසත් උසස් වීම් ලබා 2018 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්වූවාය.

Previous articleඉන්ධන මිල අඩුකළ ආකාරයට අයවැයෙන් ආහාර මිලත් අඩුකරනවා හේවගේ කියද්දී පොල් මිල 200 ට නගියි !
Next articleපළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here