Home අද හිරේ නොවැටී නිධන් ගොඩගන්නේ මෙහෙමයි !

හිරේ නොවැටී නිධන් ගොඩගන්නේ මෙහෙමයි !

174
0

නිධානයක් සොයාගත් අයෙකු වෙතොත් ඒ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී, එම නිධානය ගොඩගැනීම සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබාගැනීමට අවස්ථාව ඇති බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවල පවසයි.

අදාල නිධානය සම්බන්ධයෙන් දැනගත් පසුව ඒ කැනීම වෙනුවෙන් අවසර ගැනීමට අයදුම් කරන පෝරමයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු බවත් එය පුරවා භාරදීමෙන් පසුව අදාල ප්‍රාදේශීය බලධාරීන් ගේ අනුමැතිය ගෙන අවශ්‍ය නෛතික පසුබිම සකසාදිය හැකි බවත් ඔහු සඳහන් කළේය .

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කර සිටියේ, විද්‍යුත් නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී නැගුණු පැනයට ප්‍රතිචාර දක්වමිනි .

නිසි ක්‍රමවේදය අනුගමනය කළහොත් කිසිවෙකුටත් නීති විරෝධී නිධන් හෑරීම සම්බන්ධයෙන් හිරේ විලංගුවේ වැටීමට සිදුනොවන බවත්, නිධානය ලබාගතහොත් ඊට අදාල තම පංගුව නිසි ලෙස ලබාගැනීමට අවස්ථාව ඇති බවත් එහිදී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය .

Previous articleපාර්ලිමේන්තු වරප්‍රසාද කිසිවක් මෙතෙක් කප්පාදු කර නෑ – පාර්ලිමේන්තු මහලේකම්
Next articleපොලිස් නිලධාරීන් 27කගේ උසස්වීම් ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here