ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් විසි හත් දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි 01සිට ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
තම උසස් වීම් නිසි පරිදි ලබාදීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අග විනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී තිබේ .
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා, පොලිස් කොමිසම ඇතුළු තිස් දෙනකු නම්කර ඇත.