Home අද මෙතෙක් කිසිදිනක ප්‍රචාරය නොකරපු වෙළඳ දැන්වීමක් හදන්න ලක්ෂ 1740ක් වියදම් කරලා –...

මෙතෙක් කිසිදිනක ප්‍රචාරය නොකරපු වෙළඳ දැන්වීමක් හදන්න ලක්ෂ 1740ක් වියදම් කරලා – වැවිලි ඇමති හෙළිකරයි

103
0

වැවිලි ප්‍රජා හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විනාඩි එකහමාරක වීඩියෝ වෙළඳ දැන්වීමක් සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 1740 ක මුදලක් වැය කර ඇති බවට ඒ සම්බන්ධව සිදුකළ විගණනයකින් හෙළි වී ඇත.

මෙවැනි විශාල පිරිවැයක් දරා සකස් කළ මෙම වෙළෙඳ දැන්වීම.මෙතෙක් කිසිදු නාලිකාවක විකාශනය කර නැති බව අනාවරණය කරගෙන තිබේ.

මෙම මුදල් වැය කළ ආකාරය සහ ඒවා ලබාදී ඇති පාර්ශ්ව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර සියලු තොරතුරු හෙළිකර ගැනීමට පියවර ගෙන තිබෙන බව විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය .

මෙවැනි විශාල මුදලක් වැය කරමින් සකස් කරන ලද වෙළඳ දැන්වීම කිසිදු නාලිකාවක විකාශනය නොකර වසර දෙකක් පුරා එය සඟවා තබා ගැනීම සහ වෙළඳ දැන්වීම නිර්මාණය කිරීම වෙනුවෙන් මුදල් ගෙවා ඇති ආයතන ආදී සියලු කරුණු පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් කර සියලු තොරතුරු රටට හෙළිකරන බව සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleපොලිස් නිලධාරීන් 27කගේ උසස්වීම් ක්‍රියාත්මක කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග
Next articleහමුදාව යටතේ ඇති උතුරේ පෞද්ගලික ඉඩම් ක්‍රමිකව ජනතාවට දෙන්න ආණ්ඩුවේ සැලසුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here