Home අද කාලගුණයෙන් විනාශ වූ වගාවට වන්දි ඉල්ලා රටපුරා ගොවීන්ගෙන් මැසිවිලි

කාලගුණයෙන් විනාශ වූ වගාවට වන්දි ඉල්ලා රටපුරා ගොවීන්ගෙන් මැසිවිලි

91
0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශ වී ගිය වගාවන්ට වහාම වන්දි ලබාදෙන ලෙස ගොවි සංවිධාන හා රට පුරා ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් රජය කඩිනම් පියවර නොගතහොත් ඉදිරි වගා කටයුතුවලට පිවිසීමට නොහැකි තත්ත්වයක් ඇතිවන බවත් ඊට සූදානම් වීම සඳහා විනාශ වූ තම වගාවන්ට නිසි වන්දියක් ලබාදිය යුතු බව ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.

අධික ලෙස ඇදහැලුණ වර්ෂාව සුළං හා නාය යෑම් සහ අනෙකුත් ආපදාවල ඉන්න හානියට පත් ගොවි බිම් හා ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාව පිළිබඳව මෙතෙක් නිශ්චිත වශයෙන් තොරතුරු රැස්කර ගැනීමට නොහැකි වී ඇති බවත් අද හෝ හෙට ඒ සම්බන්ධව අවසන් තොරතුරු රැස්කර ගැනීමට හැකිවනු ඇති බව අප කළ විමසුමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මෙම තොරතුරු රැස්කර ගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා අනාවරණය කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩි හානියක් සිදුව ඇත්තේ උතුර හා නැගෙනහිර ප්‍රදේශවල ගොවිබිම් වලට බව මෙතෙක් සිදුකළ සොයා බැලීම් වලින් අනාවරණය වී තිබෙන බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

පසුගිය දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතේ ගොවිබිම් හෙක්ටයාර් 64000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇත.

Previous articleඅපි වැටුප් ගන්නේ නෑ කියලා පොරොන්දු වෙලා නෑ – මාලිමා මන්ත්‍රිනී නීතිඥ ලක්මාලි
Next articleමන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකතුවෙලා එක නිවසක් පාවිච්චි කරනවා – නිවාස නියෝජ්‍ය ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here