Home අද මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකතුවෙලා එක නිවසක් පාවිච්චි කරනවා – නිවාස නියෝජ්‍ය ඇමති

මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එකතුවෙලා එක නිවසක් පාවිච්චි කරනවා – නිවාස නියෝජ්‍ය ඇමති

170
0

නිවාස නොමැතිකම නිසා විවාහය කල් යාමට ඉඩ නොතබන බව නිවාස නියෝජ්‍ය ඇමති ටී. බී සරත් මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉදිරියේ දී විවාහයට පත් වන සෑම යුවළකටම නව නිවාසයක් ලැබිය යුතු බව හොඳම විවාහයක් සිදුවිය යුත්තේ වයස අවුරුදු 24-30 අතර කාලයේදී බවත් ඒ වයස් පරතරයක් තුළ විවාහයක් සිදුවන විට ඔවුනට නිවසක් ලබාදීම රජයේ වගකීමක් ලෙස සලකන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

එවන් තත්ත්වය දක්වා රට සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වන බවද නිවාස නියෝජ්‍ය ඇමති ටී. බී සරත් මහතා සඳහන් කරනවා.

එමෙන්ම තමන්ට කොළඹ ප්‍රදේශයේ නිවසක් නොමැති බැවින් මාදිවෙල මන්ත්‍රී නිවසක් ලබාගන්නා බවත් එහි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමඟ එකතුව එක නිවාසයක් භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

 

මන්ත්‍රී නිල නිවාස වලට 80ක් පෝලිමේ – මාලිමාවෙන් 60කට ආසන්න අයඳුම් පත්

Previous articleකාලගුණයෙන් විනාශ වූ වගාවට වන්දි ඉල්ලා රටපුරා ගොවීන්ගෙන් මැසිවිලි
Next articleමන්ත්‍රී විශ්‍රාම වැටුප කැපෙයි – සුඛෝපභෝගී වාහන විකිණීමට කැබිනට් අනුමැතිය ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here