එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස වැනි දුර්වල පුද්ගලයකුට ලබා නොදෙන බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන සජිත් ප්‍රේමදාස දුර්වල නායකයෙක් බව පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා ඔහු වැනි අයකුට මෙවැනි පක්ෂයක් භාරදීම කිසි විටෙකත් සිදු නොවන කටයුත්තක් බව සඳහන් කළේය
එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරියේදී සමගි ජන බලය වේගය එකතු වෙනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධව පක්ෂයේ ස්ථාවරය හෙළි කරමින් මේ බව පැවසූ අබේවර්ධන මහතා ඕනෑම අයකුට පක්ෂය සමඟ එක්වීමට හැකිවන පරිදි එහි දොරටු විවෘත කර තිබෙන බව ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
ශක්තිමත්ව තිබූ එක්සත් ජාතික පක්ෂ දෙකට කිරීම නිසා පාක්ෂිකයන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව පෙන්වා දෙන ඒ මහතා ඒ පාපකාරී ක්රියාවේ සම්පූර්ණ වගකීම සජිත් ප්‍රේමදාස භාරගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.