ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද(28) යි. දකුණු අප්රිකාවේ ඩර්බන්හිදී පැවැත්වෙන මෙම තරගයට ඊයේ වර්ෂාවෙන් බාධා එල්ල විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා පිල පළමුව පන්දුවට පහරදීමට දකුණු අප්රිකාවට ආරාධනා කළ අතර ඒ අනුව, ඊයේ වර්ෂාව නිසා තරඟය නතර කරන විට ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා.
එහිදී ළහිරු කුමාර කඩුලු 02ක් දවා ගත් අතර විශ්ව ප්රනාන්දු සහ අසිත ප්රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.