පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතු වරප්රසාද සහ පහසුකම් රැසක් කප්පාදු කිරීමේ පෞද්ගලික මන්ත්රී යෝජනාව තමන් පාර්ලිමේන්තුවට භාරදුන් බව සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ පවසයි.
එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
හේෂා විතානගේ මන්ත්රීවරයා මේ බව සඳහන් කර සිටියේ youtube චැනලයක් සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමිනි.
තමා මෙම යෝජනාව ඉදිරිපත් කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති පිළිබඳ ව පැහැදීමකින් බවත් ඒ හරහා මන්ත්රීවරුන් සතු වරප්රසාද රැසක් කප්පාදු කිරිමට යෝජනා කර තිබෙන බවත් එහිදී වැඩිදුරටත් ඔහු පවසයි.