Home අද මාලිමා ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ

මාලිමා ලේකම්ගේ වාහනය පාර්ලිමේන්තු පොකුණට වැටේ

6
0

ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රථය ඊයේ (26 )සවස පාර්ලිමේන්තුව ඉදිරිපිට පොකුණට වැටීමේ සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම පොකුණ ඉදිකළ දා සිට මේ දක්වා මෝටර් රථයක් මේ පොකුණට වැටී නැති අතර එම වාර්තාව තැබූ එකම මෝටර් රථය මෙම මන්ත්‍රීවරයාගේ රථය බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

මෝටර් රථය එලෙස පොකුණට වැටුනේ බීමත්ව රිය පැදවීම ද එසේත් නැතිනම් රියදුරට නින්ද යෑම නිසාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ .

පොකුණට වැටුණු වාහනය ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවූ අතර සිද්ධිය වන අවස්ථාවේදී මන්ත්‍රීවරයා එම රථය තුළ නොසිටි බව වාර්තාවෙයි.

අයහපත් කාලගුණික තත්ත්වය නිසා හදිසියේ ඇති වූ දුමාර තත්ත්වයක් හේතුවෙන් මාර්ග නොපෙනී යාම අනතුරට හේතු වූ බව රියැදුරා ප්‍රකාශ කර ඇත.

Previous articleගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි
Next articleපාසල් සිසුන් සමඟ ට්‍රැක්ටර්යක් ජල පහරට හසුවෙයි – 07 ක් අතුරුදන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here