Home අද ඡන්ද විමසීම ඇරඹේ – මේ දක්වා තත්වය මෙන්න

ඡන්ද විමසීම ඇරඹේ – මේ දක්වා තත්වය මෙන්න

17
0

දස වැනි පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරාපත් කරගැනීම සඳහා ඡන්ද විමසීම (අද) 14 වැනිදා පෙරවරු 07.00 ට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13.421 දී ආරම්භ විය

මන්ත්‍රීවරුන් 225 දෙනෙක් තෝරා ගැනීම සඳහා පවත්වන මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයින් 8361 දෙනෙක් තරග කරති.

මේ අය අතුරින් 196 දෙනෙක් පමණක් ඡන්දයෙන් තෝරාපත් කරගන්නා අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස 29 දෙනෙක් පත්වීමට නියමිතය.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දාස් තුන්සිය පනස් හතර දෙනෙක් වන අතර වැඩිම ඡන්දදායක සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි එම සංඛ්‍යාව දහ අට ලක්ෂ අසුඑක්දාස් එක එකසිය විසි නවයකි.

මෙවර මැතිවරණයේදී අඩුම ඡන්ද දායක සංඛ්‍යාවක් නියෝජනය කරන දිස්ත්‍රික්කය වන්නේ වන්නි දිස්ත්‍රික්කයයි එහි ඡන්ද දායකයින් සංඛ්‍යාව අනූ එක්දාස් හයසිය හතකි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1204 දී ඡන්ද දායකයින් දාහත් ලක්ෂ හැටපන්දාස් තුන්සිය පනස් එක් දෙනකු ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් සපුරා ඇත.

වැඩිම ඡන්ද දායක සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1212 දී ඡන්ද දායකයින් දහ අට ලක්ෂ අසූ එක්දාස් එකසිය විසි නව දෙනෙක් සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය.

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් සපුරා ඇති ඡන්දදායක සංඛ්‍යාව එක් ලක්ෂ විසිහතර දාස් දෙසිය හතළිස් හතරකි.ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන හස්සේ තිස්පහකදී සිය ඡන්දය භාවිත කිරීමට නියමිතය.

අද පෙරවරු 07 ආරම්භ කරන ඡන්ද විමසුම පස්වරු04 ට අවසන් වීමට නියමිතය.

දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වලදී අද පෙරවරුවේ ආරම්භ කළ ඡන්ද විමසීම මේ වන විට ඉතාමත් සාමකාමීව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

Previous articleවිදෙස්ගත ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම
Next articleනිහඬ කාලය තුලත් දහස් ගණනක් මැතිවරණ නීතිය කඩලා – මැතිවරණ කොමිසමට පැමිණිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here