Home අද පොලිසියෙන් අපේ පෝස්ටර් වලට කළුතෙල් ගාලා මහින්දානන්දයගේ පෝස්ටර් ඉතුරු කරනවා – ලාල්...

පොලිසියෙන් අපේ පෝස්ටර් වලට කළුතෙල් ගාලා මහින්දානන්දයගේ පෝස්ටර් ඉතුරු කරනවා – ලාල් කාන්ත

253
0

ජනරැළියක ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේග මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල් කාන්ත මහතා පවසනවා.

එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති බවද පැවසූ ඔහු එනිසා ඒ ආකාරයේ පෝස්ටර් වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බවද කියා සිටියේය.

මහනුවරදී පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාර ජන රැලියක ප්‍රචාරක පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම සම්බන්ධයෙන් මහනුවර ජනරැළියේදී අදහස් පලකරමින් ඔහු මේ බව පැවසුවේය.

තම ජනරැළියේ පෝස්ටර් ඉරා දමමින් ඒවාට කළුතෙල් ගාන පොලිසිය මහින්දානන්ද සහ අනුරාධ ජයරත්න යන අයගේ පෝස්ටර් එලෙසෙම තබන බවටද මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවල කිහිප දෙනෙකුගේ පෝස්ටර් සති ගණන් තිබියදී බලා සිටින බවටද මෙහිදී චෝදනා කලේය

Previous articleඋසස් පෙළ විභාගය කල් දමන්න – දෙමාපියන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි
Next articleදුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළි – දිගු කලක සිට පවතින ගැටළු පැය කිහිපයකින් විසඳන්න බෑ. ආණ්ඩුවෙන් පිළිතුරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here