Home අද උසස් පෙළ විභාගය කල් දමන්න – දෙමාපියන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

උසස් පෙළ විභාගය කල් දමන්න – දෙමාපියන් පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

229
0

මෙම මස 25 වැනි දින ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය කල් දමන ලෙස සිසුන් සහ දෙමව්පියන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

විෂය නිර්දේශය සම්පූර්ණ කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොලැබුණ නිසා විභාගයට පෙනී සිටින දරුවන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිසිසුන්ට උසස් පෙළ විෂය නිර්දේශය හැදෑරීමට දින 1137 සහ2023 කණ්ඩායමට දින 1029 ලැබී තිබුණ බව පෙන්වා දෙන ඔවුහු මෙම මස 25 විභාගය ආරම්භ වුවහොත් 2024 උසස් පෙළ විභාගයට පෙනී සිටින කණ්ඩායමට ලැබෙන්නේ දින 907 ක කාලයක් බව පෙන්වා දෙති

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවුනොත් විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සැලසුම් කර තිබෙන බව දෙමව්පියෝ පිරිසක් පැවසූහ.

උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉදිරිපත්ව ඇති මෙම ඉල්ලීම් සම්බන්ධව විභාග කොමසාරිස් වරයාගෙන්

අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ උසස් පෙළ විභාගය කල්දැමීමට කටයුතු නොකරන බවයි ලබන 25 වැනි දිනපැවැත්වීමට සැලසුම් කර තිබෙන උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් 333185 දෙනෙක් පෙනී සිටීමට නියමිත බවත් ඔවුන්ගේ කාලසටහන් පවා මේ වන විට ලැබෙන්න සලස්වා ඇති බවත් පැවසීය

Previous articleVitz කාර් එකක් ලක්ෂ 12කට – අවුරුදු 10කින් හැම ගෙදරකටම වාහනයක් – නලින් හේවගේ
Next articleපොලිසියෙන් අපේ පෝස්ටර් වලට කළුතෙල් ගාලා මහින්දානන්දයගේ පෝස්ටර් ඉතුරු කරනවා – ලාල් කාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here